ගෙවුණු මාස කිහිපය ඇතුළත මිනිසුන් ගෝලීය වශයෙන් මුහුණදෙන ප්‍රධානම අර්බුදය බවට කොවිඩ්-19 වසංගතය පත්ව තිබේ. එදිනෙදා ජීවිතය තුළ අප කරන කියන සෑම කටයුත්තකදීම ඒ පිළිබඳව සැළකිලිමත් වීම ද අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ ද දැනට පවතින රෝග ව්‍යාප්ති වාතාවරණය මෙරට සමාජයේ සෑම කොටසකට ම බලපාන අලුත් අභියෝග රැසක් නිර්මාණය කර අවසන් ය.