
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා SLIIT News1st Tech buzz SL වැඩසටහන් මාලාවේ පස්වන සජීවී වැඩසටහන “තාක්ෂණය; වර්තමානයේ ලෝකය සහ අපි” (Technology: Where the world is and where we are?) මාර්තු 28 වන දින, මොනරාගල, ඇතිමලේ ජාතික පාසලේදී පැවැත්විණි. මෙම හරවත් වැඩසටහන මෙහයවනු ලැබුවේ SLIIT ඉංජිනේරු පීඨයේ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ප්‍රධානී, ආචාර්ය නිම්සිරි අභයසිංහ මහතා විසිනි. පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම හරවත් වැඩසටහන හා ඉමහත් උනන්දුවකින් සම්බන්ධ වූ අතර, නුතන තාක්ෂණය තමන්ගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබද මනා දැනුමක් මෙම වැඩසටහන ඔස්සේ ලබාදිය හැකි විය.