
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා SLIIT – News1st Tech Buzz SL වැඩසටහන් මාලාවේ හයවන සජීවී වැඩසටහන “අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස IOT” (IOT for Resolving Human & Elephant Conflict) මාර්තු 29 වන දින, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේදී පැවැත්විණි. මෙම හරවත් වැඩසටහන මෙහයවනු ලැබුවේ SLIIT මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මලිත විජේසුන්දර මහතා විසිනි. පාසලේ ගුරුභවතුන් ඇතුලු සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම වැඩසටහන හා ඉමහත් උනන්දුවකින් සම්බන්ධවුනු අතර, අලි මිනිස් ගැටුම නවතාලීම සඳහා නූතන තාක්ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳ මනා දැනුමක් මෙම වැඩසටහන ඔස්සේ ලබාදිය හැකි විය.