ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT, සිය 2020 උපාධි ප්‍රදානෝත්සවය මාලබේ පිහිටි සිය ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී, පෙබරවාරි 25 සිට 28 දක්වා සිව් දිනක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.
මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී සිසුන් 1,200 දෙනෙකුගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරුණු, මේ සෑම දිනයකදීම ප්‍රධාන ආරාධිතයින් ලෙස සුවිශේෂී පුද්ගලයෝ රැසක් සහභාගී වූහ. සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කපිල පෙරේරා, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විගණන කමිටු සභාපති ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා, නාවික ඉංජිනේරු හා නාවික වාස්තු විද්‍යාඥ මංගල පී.බී. යාපා මහතා, ඕස්ට්‍රේලියාවේ Curtin සරසවියේ ජාත්‍යන්තර නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සෙත් කුනින් සහ එම විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් කෝඩරි යන මහත්වරු ඊට අයත්වූහ.
View the full article via http://biz.adaderana.lk/sliit-2020-%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%e2%80%8d%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA-%E0%B6%B8%E0%B7%84/