පළමු වසර දෙක තුළ මාතර ප්‍රදේශය තුළම රැුඳී සිට තොරතුරු තාක්ෂණය (Information Technology) සහ ව්‍යාපාර (Business) යන ක්ෂේත්රයන්හි උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවතීර්ණ වීමට මාතර සහ එ් අවට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සලසනු පිණිස මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. මෙම මධ්‍යස්ථානයේ පළමු වසර සිසුන්ටද අනෙකුත් ීඛෂෂඔ ආයතන වල මෙහෙයවන උපාධි පාඨමාලාවන්ම හැදෑරීමේ අවස්ථාව ඇත. මාතර මධ්‍යස්ථානයේදී SLIIT තොරතුරු තාක්ෂණ හෝ ව්‍යාපාර උපාධියේ පළමු වසර දෙක අවසානයේදී උසස් ඩිප්ලෝමාව (Higher Diploma) ලබා ගත හැකි අතර ඉන්පසු විද්‍යාවේදී උපාධියේ (BSc)/ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියේ (BBA)/ විද්‍යාවේදී ගෞරව (BSc Honours) උපාධි සඳහා වැඩිදුර අධ්‍යයන කටයුතු වෙනුවෙන්, මාලබේ ආයතනය වෙත යොමුවිය හැක. SLIIT මාතර මධ්‍යස්ථානය විද්‍යාගාර, පුස්තකාල පහසුකම්, දේශන ශාලා සහ පරිගණකාගාර ආදී සියලූම පහසුකම් වලින් සමන්විත වන පරිදි සංවිධානය කොට ඇත.