SLIIT යාපනය මධ්‍යස්ථානයල E-WIS ආයතනය හා සමග සහයෝගීතාවයෙන් 2010 වසරේදී ස්ථාපිත කරන ලදී. පළමු වසර තුළ යාපනය ප්‍රදේශය තුළම රැුඳී සිට තොරතුරු තාක්ෂණ (Information Technology) ක්ෂේත්රයෙහි උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවතීර්ණ වීමට යාපනය සහ ඒ අවට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සලසනු පිණිස මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. මෙම මධ්‍යස්ථානයේ පළමු වසර සිසුන්ටද අනෙකුත් SLIIT ආයතන වල මෙහෙයවන උපාධි පාඨමාලාවන්ම හැදෑරීමේ අවස්ථාව ඇත. යාපනය මධ්‍යස්ථානයේදී SLIIT තොරතුරු තාක්ෂණ හෝ ව්‍යාපාර උපාධියේ පළමු වසර අවසානවූ පසු විද්‍යාවේදී උපාධියේ (BSc) / විද්‍යාවේදී ගෞරව (BSc Honours) උපාධි සඳහා වැඩිදුර අධ්‍යයන කටයුතු වෙනුවෙන් මාලබේ හෝ කොලඹ ආයතන වෙත යොමුවිය හැක. විද්‍යාගාර, පුස්තකාල, දේශන ශාලා සහ පරිගණකාගාර ආදී සියලූම පහසුකම් වලින් සමන්විත වන පරිදි මෙම මධ්‍යස්ථානය සංවිධානය කොට ඇත.